.webp)
එම මණ්ඩලය පැවසුවේ ගම්පහ , අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ක්රමයේ නිට්ටඹුව සිට මිනුවනගොඩ දක්වා ඇති සම්ප්‍රේෂණ නලයේ පිරිසිදු කිරීමේ හා විෂබීජහරණය කිරීමේ කටයුතු හේතුවෙන් එම පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව අද පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා පැය10ක කාලයක් රණ්පොකුණගම, බටලීය, අත්තනගල්ල, පස්යාල, නිට්ටඹුව යන කලාපවලට ජලසැපයුම අත්හිටුවනු ඇති.
ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පැවසුවේ නිට්ටඹුව , කන්දහේන, මාපගොල්ල , කෝංගස්දෙනිය, පින්නගොල්ලවත්ත , කෝලවත්ත , ගොරකදෙනිය, රණ්පොකුණගම, රණ්පොකුණගම නිවාස යෝජනාා ක්‍රමය , බටලීය, අත්තනගල්ල , පස්යාල,ඌරාපොල,දික්කන්ද, මිට්ටිගම්මන, මාඉඹුල, මාකලාන , හග්ගල්ල , ඇලවල, ඇල්ලමුල්ල යන ප්රදේශවලටද ජල සැපයුම අත්හිටුවන බවයි.