.webp)
-596895.jpg)
වාර්තාවේ දැක්වෙන පරිදි ටයිටන් සබ්මැරීනය පුපුරායාමට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ ටයිටන් සබ්මැරීනයේ ප්‍රධාන කොටස ප්‍රමාණවත් සැලසුම්, ඉදිකිරීම් සහ පරීක්ෂණ නොමැති වීමයි.
ඒ අනුව පුද්ගලයින් පස් දෙනෙකුට මරු කැඳවූ ව්‍යසනයට ටයිටන් සබ්මැරීනය හිමි සමාගම වන "ඕෂන්ගේට්" සමාගම වගකිව යුතු බව එම වාර්තාවේ සඳහන්.
එමෙන්ම එම වාර්තාව මගින් දැක්වෙන්නේ ටයිටන් සබ්මැරීනය පුපුරායාම වළක්වා ගැනීමට ඉඩකඩ තිබූ බවයි.
උතුරු අත්ලන්තික් සාගරයේ මුහුදුබත් වූ ටයිටැනික් නෞකාව නැරඹීමට ගොස් සිටියදී ටයිටන් සබ්මැරීනය අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් 5 දෙනෙකු මිය ගියේ ය.
