සමන්තා ජෝයි මොස්ටින් නිල සංචාරයක් සඳහා දිවයිනට

ඕස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් නිල සංචාරයක් සඳහා දිවයිනට

by Staff writer 06-08-2025 | 8:17 PM

COLOMBO (News 1st) - ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය සිව් දින නිල සංචාරයක් සඳහා අද (06) පස්වරුවේ දිවයිනට පැමිණියාය.

කටුනායක ගුවන් තොටුපොළට පැමිණි සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය ඇතුළු පිරිස පිළිගත්තේ විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු පිරිසක් විසිනි.

සංචාරය අතරතුර, ඇය  ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ඔස්ට්‍රේලියාව විසින් සහාය දක්වන ව්‍යාපෘති කිහිපයක් ද, ඇය විසින් නිරීක්ෂණය කරනු ඇති.

ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගීතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ සොයා බැලීම ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරියගේ සංචාරයේ අරමුණ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ ය.