ආරක්ෂක අමාත්‍යාංශයට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්..

ආරක්ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් ෆ්‍රන්ක්ලින් ජෝසප් පත් කෙරේ..

by Staff writer 26-07-2025 | 8:20 AM

COLOMBO (News 1st) - ආරක්ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් ෆ්‍රන්ක්ලින් ජෝසප් මහතා පත්කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ, මීට පෙර එම ධූරයේ රාජකාරී කළ කර්නල් නලින් හේරත් විශ්‍රාම යාමෙන් පසු ෆ්‍රන්ක්ලින් ජෝසප් මහතා එම ධූරයේ වැඩ භාර ගත් බවයි.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස රාජකාරි භාර ගැනීමට පෙර ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කටයුතු කලා.