නිල්වලා ලවණ බාධකය:කමිටුවක් පත් කරන්නැයි උපදෙස්..

නිල්වලා ලවණ බාධකය පිළිබඳ සිදු කළ පර්යේෂණ වාර්තා සමාලෝචනයට විශේෂඥ කමිටුවක් පත් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්..

by Staff writer 12-07-2025 | 7:54 AM

COLOMBO (News 1st) -නිල්වලා ලවණ බාධකය පිළිබඳව සිදු කළ පර්යේෂණ වාර්තා සමාලෝචනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබාදී තිබේ.

මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ඊයේ ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබුවේ, අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රවිණයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් මාසයක් ඇතුළත පත් කර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන ලෙසටයි.