පාකිස්ථානයේදී මගීන් 9ක් පැහැරගෙන ගොස් ඝාතනය කරයි..

පාකිස්ථානයේ සන්නද්ධ පිරිසක් බස් රථයක යමින් මගීන් 9ක් පැහැරගෙන ගොස් ඝාතනය කරයි..

by Staff writer 11-07-2025 | 6:26 PM

COLOMBO (News1st) - පාකිස්ථානයේ සන්නද්ධ පිරිසක් බස් රථවල සිටි මගීන් නම දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර තිබේ.

එරට බලධාරීන් පැවසුවේ බස් රථ කිහිපයකින් මගීන් පැහැරගෙන ගොස් ඇති බවයි.

මගීන්ගේ සිරුරු කඳුකර ප්‍රදේශයක තිබී සොයාගෙන තිබේ.

කෙසේ වෙතත් ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකු වගකීම භාරගෙන නැහැ.

වෙනත් ලිපි