නැවත දැනුම්දෙන තුරු මීමුරේ එන්න එපා..

නැවත දැනුම්දෙන තුරු මීමුරේ එන්න එපා..

by Staff writer 05-07-2025 | 8:12 AM

COLOMBO (News 1st) - මීමුරේ වෙත විනෝද චාරිකා හා අනිකුත් අවශ්‍යතා සඳහා නැවත දන්වන තුරු පැමිණීමෙන් වළකින්නැයි දැනුම් දී තිබේ.

ඒ, හුන්නස්ගිරිය මීමුරේ මාර්ගයේ පිහිටි කයිකාවල පාලම හරහා වාහන ධාවනය තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් ය.

පාලමේ ප්‍රතිසංස්කරණ කටයුත්තක් අතරතුර ඇති වී ඇති හදිසි ආපදා තත්ත්වයක් ‍හේතුවෙන් පාලම හරහා වාහන ධාවනය කිරීම තාවකාලිකව අත්හිටුවා 
ඇතැයිද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.