අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට වෙඩි..

මීගමුවේදී අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට පොලීසියෙන් වෙඩි.. සැකකරුවෙකුට තුවාල

by Staff writer 03-07-2025 | 4:25 PM

COLOMBO (News 1st) –මීගමුව, දුන්ගල්පිටිය ලෙල්ලම පාලම අසළ මාර්ග බාධකයේදී අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට පොලීසිය කළ වෙඩි තැබීමකින් සැකකරුවෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරකට අනුව මාර්ග බාධක රාජකාරීයේ සිටි නිලධාරීන්, යතුරු පැදිය නතර කිරීමට අණ කර ඇති බවයි.

එම අවස්ථාවේ යතුරු පැදිය අණ නොතකා ධාවනය කිරීමත් සමග, පොලීසිය එය ලුහුබැඳ ගොස් තිබේ.

එහිදී යතුරු පැදියක ලොරියක ගැටී ඇතත්, ඔවුන් නොනවත්වා ධාවනය කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

අනතුරුව පොලිස් නිලධාරීන් යතුරු පැදියේ පසුපස ගමන් කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

අනෙක් පුද්ගලයා පොලිස් අණ නොතකා පලා යාමට තැත් කිරීමේදී පොලීසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඉන් තුවාල ලැබූ සැකකරු, මේ වන විට ප්‍රතිකාර ලබන්නේ, මීගමුව රෝහලේය.