.webp)
කොළඹ විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ස්නෝකල් පැළඳ මුහුදු පතුළ නිරීක්ෂණය කරමින් සිට ඇති අතර, එහිදී මෙම සිසුවා අතුරුදන්ව තිබේ.
ඒ පිළිබඳව කොළඹ වරාය පොලීසියට දැනුම් දීමත් සමග සිසුවා සෙවීමේ මෙහෙයුම් ආරම්භ විය.
ඒ අනුව අතුරුදන්වූ සිසුවා පැළඳ සිටි ස්නෝකලය ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ, වයස අවුරුදු 24ක් වන ගම්පහ, අස්ගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අතුරුදන් වූ පුද්ගලයා සොයා කොළඹ වරාය පොලීසිය, නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන්, රංගල නාවික හමුදා කිමිඳුම්කරුවන් ඒකාබද්ධව මෙහෙයුම් දියත් කර ඇති අතර කොළඹ වරාය පොලීසියේ මූලිකත්වයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.