කැපිටල් මහරාජා සමූහයේ වාර්ෂික සමුළුව ඇරඹේ

කැපිටල් මහරාජා සමූහයේ වාර්ෂික සමුළුව දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති තාබෝ ම්බෙකිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ...

by Staff writer 27-06-2025 | 4:21 PM

COLOMBO (News1st) -

කැපිටල් මහරාජා සමූහයේ වාර්ෂික සමුළුව රත්මලාන ස්ටයින් ස්ටූඩියෝ හිදි මේ වනවිට පැවැත්වේ.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන්නේ දකුණු අප්‍රිකාවේ දෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරයා මෙන්ම අප්‍රිකානු කලාපයේ කෘතහස්ථ දේශපාලන නායකයෙකු  වන තාබෝ ම්බෙකි මහතායි.

තාබෝ ම්බෙකි මහතා ඊයේ(26) පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදි ඔහු පිළිගනු ලැබුවේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුස්ෆ්, ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහකොමසාරිස් සැන්ඩිල් එඩ්වින් ෂාල්ක් සහ කැපිටල් මහරාජා සමුහයේ සමුහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල් යන මහත්වරු ඇතුළු පිරිසක් විසින් ය.

කැපිටල් මහරාජා සමූහයේ වාර්ෂික සමුළුවේදී තාබෝ ම්බෙකි මහතා විශේෂ දේශනයක් ද පැවැත්වීමට නියමිතයි.

ඔහු මෙරට රැදී සිටින කාලය තුළ කොළඹදී තරුණ ව්‍යවසායකයින් හා ව්‍යාපාරික නායකයින් හමුවීමට ද නියමිතව තිබේ.

සති අන්තයේ තාබෝ ම්බෙකි මහතා ගම්මැද්ද වැඩසටහන සමග ද එක්වීමට නියමිතයි.