.webp)
ඒ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින්.
විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් මත මෙම කාර්ය සාධක බළකාය පත්කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ විශ්වවිද්‍යාල මෙන්ම අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන තුළ පවතින නවකවදය ඉන් තුරන් කිරීම වර්තමාන රජයේ ප්‍රමුඛ අරමුණක් වන බවයි.
මීට අමතරව ශිෂ්‍යන් වෙත ශිෂ්‍යන්ගෙන්, ආයතන පරිපාලනයෙන් හෝ වෙනත් පාර්ශව හරහා සිදුවන සියලුම ආකාරයේ හිංසනයන් මෙන්ම එම පාර්ශවවලින් ආචාර්යවරුන්ට සහ අනධ්‍යයන සේවකයින්ට සිදුවන හිංසනයන් ද නතර කිරීම කාර්ය සාධක බළකායේ අරමුණකි.
ඒ අනුව එම කාර්ය සාධක බළකායේ සාමාජිකයින් ලෙස පහත සඳහන් නියෝජිතයින් පත්කර තිබේ.
ඊට සාමාජිකයින් 16 කු අතුළත්.
ඉදිරියේදී මෙම කාර්ය සාධක බළකාය යටතේ විශ්වවිද්‍යාල මට්ටමින් සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන මට්ටමින් ඒකක පිහිටුවීමට ද යෝජනා වී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.