සජබ වෙනස් විය යුතුයි - රෙහාන් ජයවික්‍රම

සජබ වෙනස් විය යුතුයි, පක්ෂය ගැන කතා කරපු රෙහාන් ජයවික්‍රම

by Staff writer 23-06-2025 | 5:54 PM

COLOMBO (News 1st) - අඩුවී ගිය ජනතා සහය නැවත ලබා ගැනීම සහ අනාගත මැතිවරණ ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් පක්ෂය තුළ නව ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බව, සමගි ජන බලවේගයේ රෙහාන් ජයවික්‍රම පවසනවා.

නිවුස් ෆස්ට්, Talk of the Town වැඩසටහනට එක්වෙමින් ජයවික්‍රම මහතා සඳහන් කළේ, සමගි ජන
බලවේගය තමන්ගේ ප්‍රතිපත්තිවලින් බැහැරව කටයුතු කිරීම හේතුවෙන් ජනතාවගේ සහය අඩුවී ඇති බවයි.

සමගි ජන බලවේගයේ ආරම්භක සාමාජිකයෙකු වන ජයවික්‍රම මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, මීට පෙර දේශපාලනික වශයෙන් විරුද්ධ වූ ක්‍රියාවන් මේවන විට පක්ෂය තුළ දැකිය හැකි බවයි.

වෙනසක් උදෙසා මෙම පක්ෂය ආරම්භ කළත්, අදාළ වැරදි ඉදිරියට සිදුවනවා නම් එහි ඵලය කුමක්දැයි, ඔහු විමසා සිටී.