.webp)
අද කමිටුව හමුවට කැඳවා ඇත්තේ, වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන් ය.
ඒ යටතේ පරීක්ෂණ කමිටුව අද සිට බදාදා දක්වා සාක්ෂිකරුවන් 15 දෙනෙකුගෙන් සාක්ෂි ලබාගැනීමට නියමිතය.
ඉන් අනතුරුව 26 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 2.00 ට පරීක්ෂණ කමිටුව යළි රැස්වීමට නියමිතයි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ, විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරුන් ය.
මේ වනවිට පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 28 දෙනෙකුගෙන් සාක්ෂි ලබාගෙන අවසන් කර තිබේ.
පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් ලබන 26 වැනිදායින් පසුව සාක්ෂි ලබාගැනීමට නියමිතයි.