දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් කොළඹට කැඳවයි..

දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් කොළඹට කැඳවයි..

by Staff writer 23-06-2025 | 7:53 AM

COLOMBO (News 1st) - දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් අද කොළඹට කැඳවා තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, අද පෙරවරුවේ අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, අධිකරණ අමාත්‍යාංශයේදී  පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා ඔවුන් කැඳවා ඇති බවයි.

ඒ අනුව දිවයිනේ සියලු බන්ධනාගාර අධිකාරිවරුන් සහ කොමසාරිවරුන්ට ඒ සඳහා පැමිණෙන්නැයි දැනුම් දී තිබේ.

බන්ධනාගාර ආශ්‍රිත ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් එම හමුව පැවැත්වෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.