දේශබන්දු අද සිට දිනපතා පාර්ලිමේන්තු කමිටුව හමුවට

දේශබන්දු අද සිට දිනපතා පාර්ලිමේන්තු කමිටුව හමුවට

by Staff writer 16-06-2025 | 7:23 AM

COLOMBO (News 1st) – පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව අද සිට දිනපතා රැස්වෙයි.

විමර්ශන අවසන්වන තුරු පරීක්ෂණ කමිටුව දිනපතා රැස්වනු ඇති.

ඒ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අදත් පෙරවරු 9.30 ට කමිටුව හමුවේ පෙනී සිටිමට නියමිතයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ, විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල, ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන් ය.

එම පරීක්ෂණ කමිටුව මීට පෙර අවස්ථා කිහිපයකදි රැස්වී දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු කිහිපදෙනෙකුගෙන්ම සාක්ෂි සටහන් කරගනු ලැබුවේ ය.

මෙම පරීක්ෂණ කමිටුව විසින් ද පසුගිය 11 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් ද වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්‍රම මහතා ද සාක්ෂි කරුවන‍්ගෙන් හරස් ප්‍රශ්න විමසනු ලැබුවේ ය.