මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්..

ආදායම් හා වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පළාත් පාලන අපේක්ෂකයින් 2400කගේ නම් පොලීසියට..

by Staff writer 16-06-2025 | 8:00 AM

COLOMBO (News 1st) –ආදායම් හා වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පළාත් පාලන අපේක්ෂකයින් 2400 කගේ නම්, නීතිමය කටයුතු සඳහා පොලීසියට යොමුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේ, ඉන් අනතුරුව පොලීසිය නීතිපති උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවයි.

පළාත් පාලන ඡන්දයට ඉදිරිපත්වූ 7690 දෙනෙකු ආදායම් හා වියදම් වාර්තා ලබාදී ඇතැයි ද, සභාපතිවරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ ඡන්දයෙන් තේරීපත්වූ සභිකයින් 223 කුගේ නම් ද මෙතෙක් කොමිසමට ලැබී නොමැති බවයි.

පසුගිය මස 6 වැනිදා පැවැති පළාත් පාලන ඡන්ද විමසීමෙන්, බහුතර පළාත් පාලන ආයතන සංඛ්‍යාවක ජය තහවුරු කරගැනීමට ජාතික ජන බලවේගය සමත් විය.