.webp)
ඒ සඳහා පත් කෙරුණු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම් සංඛ්‍යාව, 28 කි.
ඔවුන්, ඊයේ(12) සියලුම බන්ධනාගාර පරික්ෂා කිරීම ආරම්භ කළේ ය.
පොලීසිය සඳහන් කළේ, බන්ධනාගාර වල පවතින ලේඛණ පරික්ෂාව සඳහා එහිදී විශේෂ අවධානයක් යොමු කරන බවයි.
එම කටයුතු අවසන් කිරීම සඳහා ඊයේ දිනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, අදත් ඊට අදාළ පරික්ෂා කිරීම් සිදු වේ.
එලෙස දිවයිනේ සියලු බන්ධනාගාර පරික්ෂා කෙරෙන්නේ, ජනාධිපති සමාව අනීතිකව භාවිත කර රැඳවියන් නිදහස් කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වලට අදාළවයි.
ජනාධිපති සමාව නොලැබූ අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු වෙසක් පොහෝදා නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා මේ වන විට කොළඹ බන්ධනාගාරයක ආරක්ෂිතව රඳවා සිටියි.
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා, අද(13) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.