.webp)
ඒ සංචාරක සහ චාරිකා කර්මාන්ත සංගම් සහ බැහැර චාරිකා මෙහෙය වන්නන් සමග බර්ලින්හි පැවති හමුවකට එකවෙමිනි.
ජනාධිපතිවරයාගේ තුන් දින ජර්මානු නිල සංචාරයට සමගාමීම මෙම හමුව සිදුවිය.
එහිදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ තිරසරභාවය වෙනුවෙන් රජය ගෙන ඇති සාධනීය පියවර පිළිබඳව ජනාධිපතිවරයා ඔවුන් දැනුවත් කළේ ය.
සංචාරක පහසුකම් වැඩි කිරීම, ප්‍රවර්ධන වැඩපිළිවෙළ සහ සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය ගෙන ඇති පියවර පෙන්වා දෙමින් ජනාධිපතිවරයා පැවසුවේ, තිරසාර සංචාරක ක්‍රමවේද ඔස්සේ ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇති බවයි.සංචාරක කර්මාන්තයේ මානව සම්පත සංවර්ධනය කිරීම, සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීම, සංස්කෘතික හා පාරසරික සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනය, පරිසරය ආරක්ෂා කර ගැනීම ආදී කරුණු පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඇති බවද, ජනාධිපතිවරයා සාකච්ඡාවේදී පෙන්වා දී ඇත.
මේ අතර ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සංවිධානය කළ ව්‍යාපාරික සංසදය පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.
ඒ, ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල සංගම් මූලස්ථානයේදී යි.
එහි ප්‍රධාන දේශනය සිදුකළ ජනාධිපතිවරයා මෙරට ආර්ථික පරිවර්තනය, ආයෝජන අවස්ථා, සංවර්ධන ශක්‍යතා පිළිබඳව අදහස් පළ කළේ ය.
දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩනැගීමට ඇති අවස්ථා ආදිය පිළිබඳවත් මෙහිදී ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කර ඇත.
ඉහළ මට්ටමේ ජර්මානු සමාගම් රැසක නියෝජතියන් මේ සාකච්ඡාවට එක්විය.