තුසිත හල්ඔලුව ලබන 20 වැනිදා දක්වා යළි රිමාන්ඩ්....

තුසිත හල්ඔලුව ලබන 20 වැනිදා දක්වා යළි රිමාන්ඩ්....

by Staff writer 13-06-2025 | 9:52 PM

COLOMBO (News 1st) - ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ඔලුව මහතා, ලබන 20 වැනිදා දක්වා අද (13) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ඒ, ඔහු කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රුපියල් හාර ලක්ෂ හැත්තෑ අටදහසකට අධික වටිනාකමින් යුත් ලැප්ටොප් පරිගණකයක් හා ජංගම දුරකතනයක් ඇතුලු භාණ්ඩ, සාවද්‍ය සාපරාධී පරිහරණය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව පසුගිය 30 වැනිදා ඔහු අත්අඩංගුවට ගැනිණ.

තුසිත හල්ඔලුව මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළේ, 2017 - 2019 කාලසීමාවේයි.