ටෙස්ලා නිසා ට්‍රම්ප් සහ එලෝන් විරසක වෙයිද?

ටෙස්ලා නිසා ට්‍රම්ප් සහ එලෝන් විරසක වෙයිද?

by Chathurika Jayasundara 07-06-2025 | 6:27 AM

COLOMBO (News 1st) -ලොව බලවත්ම පුද්ගලයයි ලොව ධනවත්ම පුද්ගලයයි අතර අඹයාලුකම අවසන් ද?

ලෝකයේ දේශපාලනිකව බලවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඩොනල්ඩ් ට්‍රම්ප් හා ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන එලොන් මස්ක් සිය සමාජ මාධ්‍ය හරහා එකිනෙකාට එරෙහිව යුද්ධය ප්‍රකාශ කරන්නට පටන් ගෙන තිබෙනවා

මෙම සීතල යුද්ධය සමාජ මාධ්‍යවලින් පිටතට පැමිණ ක්‍රියාමාර්ගමය වශයෙන් උණුසුම් වෙයිද?

මේ වෙද්දී ජාත්‍යන්තර මාධ්‍යවල අවදානය යොමු වෙලා තියෙන්නේ මේ සම්බන්ධයෙන්  

මේ අතර ව්‍යාපාරික එලෝන් මස්ක්, අමෙරිකාවේ නව දේශපාලන පක්ෂයක් පිහිටුවිය යුතු ද යන්න සම්බන්ධයෙන් මත විමසුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග විරසකය, තීවුර වී ඇති පසුබිමකයි  

නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට කාලය පැමිණ ඇද්දැයි, සිය එක්ස් ගිණුම හරහා මිලියන 200 කට අධික අනුගාමිකයින්ගෙන් ඔහු විමසා තිබුණා.

ඊට ඔහුගේ අනුගාමිකයින් මනාපය පළ කරමින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

දෙදෙනා අතර විරසයක ආරම්භ වූයේ, නව තීරු බදු පනතට එලෝන් මස්ක් විරෝධය පළ කිරීමත් සමගයි.

ඒ සම්බන්ධයෙන් තමා කළ කිරීමට පත්ව ඇතැයි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.

එක්ස් සටහනක් තබමින් එලෝන් මස්ක් සඳහන් කළේ, තමා නොමැති නම් ට්‍රම්ප්, ජනාධිපතිවරණය පරාජය වනු ඇති බවයි.

ට්‍රම්ප්ගේ මේ බදු තීරණත් සමග ටෙස්ලා කොටස් මිල 14% පහත වැටුනු අතර , ට්‍රම්ප් එවැනි පියවරකට ගියහොත් එලොන් මස්ක්ගේ ව්‍යාපාර වලට දැවැන්ත පාඩුවක් සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා

මේ අතර එලෝන් මස්ක් ට්‍රම්ට අභියෝග කරමින් ට්‍රම්ප්ට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ආයුතු බවට අදහස් දක්වා තිබෙනවා

මෙවැනි තත්ත්වයන් හමුවේ ට්‍රම්ප් සහ මස්ක්ගේ මිත්‍රත්වය නිල වශයෙන් අවසන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ