පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

by Staff writer 03-06-2025 | 8:00 AM

COLOMBO (News 1st) - අනුරාධපුරයේ මෙවර පොසොන් උත්සවය සදහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේ  ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ මිහින්තලය හා අටමස්ථානය මුලික කොටගෙන එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක අතර ඒ සදහා පොලිස් නිලධාරින් 8,000ක් යොදවන බවයි.

ලබන 08 වැනිදා සිට ඔවුන් රජකාරිවල යෙදවීමට නියමිතව තිබේ.

පොලිස් ජිවිතාරක්ෂක කණ්ඩායම්,රථවාහන හැසිරවීමට නිලධාරින් සහ ආරක්ෂක කටයුතු සදහා එම පොලිස් නිලධාරින් යෙදවීමට නියමිතයි.