හල්ඔලුව සිද්ධියට තවත් සැකකරුවන් 02ක් අත්අඩංගුවට

තුසිත හල්ඔලුවගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට - පොලීසිය

by Staff writer 03-06-2025 | 8:19 AM

COLOMBO (News 1st) - තුසිත හල්ඔලුව මහතාගේ ජීප් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලීසිය පැවසුවේ 27 සහ 37 යන වයස්වල පසුවන ගනේමුල්ල හා ගිරිඋල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරුවන් අද(03) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

නරාහේන්පිට ප්‍රදේශයේදී පසුගිය මස 17 වැනිදා එම වෙඩි තැබීම සිදුව තිබුණි.