ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති,ආරක්ෂක ඇමති දිවයිනට

ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක ඇමති දිවයිනට

by Staff writer 03-06-2025 | 7:57 AM

COLOMBO (News 1st) - ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාලස් මහතා  නිල සංචාරයක් ආරම්භ කරමින් දිවයිනට පැමිණ තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ මෙම සංචාරය අතරතුරදී, රිචඩ් මාලස් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන් හමුවීමට නියමිත බවයි.

ඔස්ට්‍රේලියන් හවුස් හිදී විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්වීමට නියමිත අතර එහිදී නියෝජ්‍ය අග්‍රාමාත්‍ය රිචඩ් මාලස් මහතා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ද හමුවීමට නියමිතව තිබේ.

එසේම රිචඩ් මාලස් මහතා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතයි.