නිදහස් චතුරස්‍රය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක්

නිළි රැජිණගේ අවමඟුල් උත්සවය වෙනුවෙන් නිදහස් චතුරස්‍රය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක්

by Staff writer 26-05-2025 | 7:34 AM

COLOMBO (News 1st)-මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හේතුවෙන් අද කොළඹ නිදහස් චතුරස්‍රය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙයි.

පොලීසිය සඳහන් කළේ, අද උදෑසන සිට රාත්‍රී 7 දක්වා එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

එම කාලසීමාව තුළ කොළඹ නිදහස් චත්‍රරස්‍රය ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක් ද, ක්‍රියාත්මක වෙයි..