.webp)
COLOMBO (News1st) - පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වූ සහිකයින්ගේ නම් වලින් කොටසක් අද(23) දිනයේ ගැසට් මගින් පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්රි රත්නායක මහතා සඳහන් කළේ, පළාත් පාලන කොට්ඨාස ජයගත් සියලු සභිකයින්ගේ නම් ඒ අනුව ගැසට් මගින් ප්රකාශයට පත් කරන බවයි.
ලයිස්තුවලින් තේරීපත්වූ සභිකයින්ගේ නම් මෙතෙක් භාර නොදුන් දේශාපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කඩිනමින් එම නම් දිස්ත්රික් තේරීම්භාර නිලධාරීන්ට භාර දීමට පියවර ගන්නා ලෙසද මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා දැනුම් දෙයි.