මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ගැන නිවේදනයක්..

විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට යොමුවීම ඉහළට..

by Staff writer 19-05-2025 | 7:00 AM

COLOMBO (News 1st)-වසරේ ගතවූ කාලසීමාව තුළ විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා යොමුවීම ඉහළ ගොස් ඇතැයි  පුනරුත්ථාපන කාර්යංශය පවසයි.

එම කාර්යාංශය සඳහන් කළේ, පුද්ගලයින් 450ක් මේ වනවිට මධ්‍යස්ථාන 3ක පුනරුත්ථාපනය කෙරෙන බවයි.

පුනරුත්ථාපන කාර්යාංශය යටතේ පවතින මධ්‍යස්ථාන සංඛ්‍යාව 3කි.

එහි පුද්ගලයින් 1120ක් පුනරුත්ථාපනය කිරීමේ හැකියාව පවතියි.

මේ වන විට එම මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 670ක් පුනරුත්ථාපනය සඳහා ඉඩ පහසුකම් පවතින බව, කාර්යාංශය සඳහන් කළේ ය.