ශ්‍රී ලංකා වනිතාභිමාන 2025 පළාත් තරග අදත්...

ශ්‍රී ලංකා වනිතාභිමාන 2025 ජාතික තරගාවලියේ පළාත් තරගවල දෙවැනි වටයේ තරග අදත්...

by Staff writer 18-05-2025 | 3:02 PM

COLOMBO (News 1st) - News 1st හා NDB බැංකුව එක්ව සංවිධාන කරන ශ්‍රී ලංකා වනිතාභිමාන 2025 ජාතික තරගාවලියේ පළාත් තරගවල දෙවැනි වටයේ තරග අදත් පැවැත්වේ.

ඒ, බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත් කේන්ද්‍ර කරගනිමිනි.

කොළඹ නවම් මාවත, කුරුණෑගල සහ මහනුවර පිහිටි  NDB ශාඛාවලදී එම තරග පැවැත්වේ.

එහිදි තරගකරුවන්ගේ හැකියාවන් දෙපානම විකාශන මැදිරියේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ පළාත් විනිසුරු මඩුල්ල විසින් විනිශ්චය කරනු ඇත.

කාණ්ඩ 8 ක් ඔස්සේ අද ජයග්‍රහණය කරනු ලබන පළාත් ජයග්‍රාහිකාවන්, වනිතාභාමාන ජාතික තරගය සඳහා සුදුසුකම් ලබාගනී.