කොළඹ ජලයෙන් යටවන ස්ථාන 20කට ආසන්න ප්‍රමාණයක්

වර්ෂාවත් සමග කොළඹ ජලයෙන් යටවන ස්ථාන 20කට ආසන්න ප්‍රමාණයක් - කොළඹ මහ නගර සභාව

by Staff writer 18-05-2025 | 7:14 AM

COLOMBO (News 1st) - වර්ෂාවත් සමග කොළඹ නගර සීමාවේ ජලයෙන් යටවන ස්ථාන 20 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයි, කොළඹ මහ නගර සභාව පවසයි.

ප්‍රධාන වශයෙන් ජලයෙන් යටවන ස්ථාන ලෙස හඳුනාගෙන ඇත්තේ, මරදාන ආමර් වීදිය සහ ඩීන්ස් පාරයි.

ජලය බැහැර කෙරෙන කාණු පද්ධති ආශ්‍රිතව සිදුකර ඇති අනවසර ඉදිකිරීම්, ඒ සඳහා හේතුවී ඇතැයි කොළඹ මහ නගර සභාව සඳහන් කළේ ය.

ඒ අනුව හඳුනාගත් ස්ථාන පිළිසකර කිරීම, මේ වන විට ආරම්භ කර ඇත.