වර්ජනය අවසන්,දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි...

වර්ජනය අවසන්,දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි...

by Staff writer 18-05-2025 | 7:27 AM

COLOMBO (News 1st) - සාමාන්‍ය කාලසටහනට අනුව අද දුම්රිය ධාවනය කරන බව, දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඒ, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කළ එක්දින සංඛේත වැඩවර්ජනය ඊයේ (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමත් සමගයි.

ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය නියාමකවරුන් මේ වන විට සේවයට වාර්තා කරමින් ඇතැයි, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, වෘත්තිය ගැටළු සම්බන්ධයෙන් හෙට (19) යළි සාකච්ඡාවක් පවත්වා ඉදිරි වෘත්තිය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ තීරණයක් ගන්නා බවයි.

දුම්රිය ස්ථානාධිපතිවරුගේ සංගමය වැඩවර්ජනය ආරම්භ කළේ, බඳවා ගැනීම් සහ උසස්වීම් ක්‍රියාවලියේ පවතින ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලමිනි.

වැඩවර්ජනය පැවතිය ද ඊයේ දුම්රිය ගමන්වාර 90 ක් පමණ ධාවනයට පියවර ගෙන තිබිණි.