නාරාහේන්පිට වෙඩි තැබීම ගැන විමර්ශන අරඹයි..

තුසිත හල්ඔලුවගේ මෝටර් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන අරඹයි..

by Staff writer 18-05-2025 | 6:57 AM

COLOMBO (News 1st) - හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ තුසිත හල්ඔලුව මහතා ගමන් කළ මෝටර් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මතයි.

වෙඩි තැබීම කළ අවස්ථාවේ තුසිත හල්ඔලුව මහතා සතුව තිබූ වැදගත් ලිපි ගොනුවක් අදාළ පුද්ගලයින් රැගෙන ගොස් ඇත.

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක් ඉදිරිපිටදී ඊයේ (17) රාත්‍රියේදී වෙඩි තැබීම සිදුවිය.

වෙඩි තැබීමෙන් තුසිත හල්ඔලුව මහතාට කිසිදු තුවාලයක් සිදුව නොමැත.