වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා..

දුම්රිය ස්ථානාධිපති වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා..

by Staff writer 17-05-2025 | 6:42 AM

COLOMBO (News 1st)-දුම්රිය ස්ථානාධිපති වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා මතුව තිබේ.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, ඒ හේතුවෙන් අද පෙරවරුවේ යාපනය, බදුල්ල ඇතුලු දුර ගමන් සේවා දුම්රිය අවලංගුකර ඇති බවයි.

ධාවනය වීමට නියමිතව තිබු ඊයේ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබුණි. 

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කළේ ය.  

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ බඳවා ගැනීම් සහ උසස්වීම් ක්‍රියාවලියේ පවතින ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.