.webp)
එහි සභාපති ජීවක ප්‍රසන්න මහතා සඳහන් කළේ, ඒ අනුව පැය 06කට වඩා වැඩි කාලයක් ගතවන දුරගමන් සේවා ගමන් වාරයක් සඳහා ඩිපෝ දෙකක් සම්බන්ධ කර ගනිමින් බස් රථ දෙකක් යෙදවීමට සැලසුම් කර ඇති බවයි.
ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදී එම තීරණවලට එළැඹී බව ඔහු ප්‍රකාශ කළේ ය.
සභාපතිවරයා පැවසුවේ, ගැරඩිඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලය සිදු කළ පරීක්ෂණය අවසන් අදියරට ළඟා වී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
අනතුර සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ පංච පුද්ගල කමිටුවද මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.
එම කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා මහතා සඳහන් කළේ , අනතුර පිළිබද මෝටර් රථ පරීක්ෂකගේ වාර්තාව ,මිය ගිය රියැදුරුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඇතුළු අනෙකුත් විද්‍යාත්මක වාර්තා ලබාගැනීමෙන් පසුව අවසන් වාර්තාව ලබාදෙන බවයි.
පසුගිය ඉරිදා කොත්මලේ ගැරඩිඇල්ල ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවූ අනතුරෙන් 23ක් මිය ගියේය.