.webp)
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, එය තිරසර සාමය සහ කලාපීය ස්ථාවරත්වය අත්කර ගැනීමේ පළමු සහ ප්‍රමුඛ පියවරක් වන බවයි.
ඉන්දු - පාකිස්ථාන අර්බුදය විසඳා ගැනීමට වෙඩි උණ්ඩ වෙනුවට වචන යොදා ගැනීම තුළින් ඔවුන්ගේ ප්‍රඥාව සහ රාජ්‍යතාන්ත්‍රික කුසලතාවය පෙන්නුම්කරන බව ද ජනපතිවරයා පැවසුවේ ය.
දෙරටෙහි අඛණ්ඩ සංවාදයට සහය ලබාදෙන අතර, කලාපීය සාමය අත්කර ගැනීම සඳහා අවශ්‍ය ඕනෑම දායකත්වයක් ලබා දීමට සූදානම් බව ද ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනය සඳහන් ය.