යුරෝපා සංගම් නියෝජිතයින්ට විශේෂ සාකච්ඡාවක්

GSP+ සමාලෝචනයට පැමිණි යුරෝපා සංගම් නියෝජිතයින් අද මුදල් අමාත්‍යංශ නිලධාරින් හමුවෙයි....

by Hashini De Mel 30-04-2025 | 8:15 AM

COLOMBO ( News 1st ) - මෙරටට පැමිණි යුරෝපා කොමිසමේ නියෝජිතයින් හා මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද(30) පැවැත්වේ.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

GSP+ සහනය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් යුරෝපා කොමිසමේ නියෝජිතයින් විසින් මෙම සංචාරයේදී කරුණු සමාලෝචනය කරනු ඇත.

මෙම පිරිස ලබන 07 වැනිදා දක්වා මෙරට රැඳී සිටිනු ඇත.