තැපැල් ඡන්ද පත්‍රිකා ගැන දැනුම්දීමක්

තැපැල් ඡන්දය සලකුණු කළ නිල ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් වෙත...

by Hashini De Mel 30-04-2025 | 7:43 AM

COLOMBO ( News 1st ) - පළාත් පාලන ඡන්ද විමසීමේ ඊයේ(29) හා පෙරේදා(28) දිනයේ සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් මෙවර මැතිවරණ නිලධාරීන් විසින් ප්‍රවාහනය කරන බව මැතිවරණ කොමිසම පවසයි

එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ, එම රක්ෂිත පැකට් කඩිනමින් ප්‍රවාහනය කිරීමේ අවශ්‍යතාව හේතුවෙන් එම පියවර ගත් බවයි.

එලෙස ප්‍රවාහනය කෙරෙන තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් කොළඹදී තේරිමෙන් අනතුරුව දිස්ත්‍රික් වෙත යළි බෙදා හැරීමට නියමිත බව ඔහු ප්‍රකාශ කළේ ය.

පසුගිය 24 හා  25 දින ප්‍රකාශ කළ තැපැල් ඡන්ද පත්‍රිකා මේ වනවිටත් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් වෙත භාර දී ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ ය.