ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක්

විදුලිය බිඳවැටීම හේතුවෙන් ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක්

by Staff writer 29-04-2025 | 8:00 AM

COLOMBO (News 1st)-ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ , ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ ප්‍රදේශ රැසක විදුලිය බිදවැටීම හේතුවෙන් ය.

ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර විදුලිබල පද්ධතියේ ගැටළුවක් විදුලිය ඇනහිටීමට හේතුවී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.  

විදුලිය විසන්ධි වීම හේතුවෙන්, දෙරටේම දුම්රිය අවලංගු කිරීම්, ගුවන් තොටුපොළවල ප්‍රමාදයන් සහ මාර්ග සංඥා ක්‍රියා විරහිත වීම් සිදුවී තිබේ.

ස්පාඤ්ඤය පවසන්නේ, විදුලි සැපයුම යථාවත් කිරීමට තවත් පැය කිහිපයක් ගත විය හැකි බවයි.

මේ අතර, පෘතුගාලයේ විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා සතියක් පමණ කාලයක් ගතවනු ඇති බව එරට ප්‍රමුඛ බලශක්ති සමාගමක් වන රෙන් පවසයි.

යුරෝපා කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්ටා සඳහන් කළේ, විදුලිය බිඳ වැටීම හමුවේ මෙට්‍රෝ සේවා සැපයුම්වලට ද බාධා එල්ල වී ඇති අතර මෙය සයිබර් ප්‍රහාරයක් නොවන බවයි.