අධිකරණය නියම කළ වන්දි මුදල මෛත්‍රීපාල ගෙවයි..

මරණීය දණ්ඩනය නියම වූ ජූඩ් ජයමහට දුන් ජනපති සමාව අහෝසි කිරීමෙන් පසු අධිකරණය නියම කළ රු. මිලියනයක වන්දි මුදල මෛත්‍රීපාල ගෙවයි..

by Staff writer 29-04-2025 | 1:16 PM

COLOMBO (News 1st)-රෝයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නැමැත්තාට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් ගෙවන ලෙස නියම කරනු ලැබූ රුපියල් මිලියනයක වන්දි මුදල හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගෙවා තිබෙන බව ඒ මහතාගේ නීතිඥවරු අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.

නඩුව අද කැඳවනු ලැබුවේ එස්. තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදි ය.