පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ 5කට මරණ දඬුවම...

පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ 5 දෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම...

by Staff writer 28-04-2025 | 6:32 PM

COLOMBO (News 1st) - 2012 වසරේ සිදුවූ පුද්ගල ඝාතනයකට වරදකරුවන් කළ විත්තිකරුවන් 05 දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම ලබා දී තිබේ.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊට අදාළ නඩුවේ තීන්දුව අද (28) ප්‍රකාශයට පත් කරමිනි.

21 හැවිරිදි පුද්ගලයෙකුට මොට ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාව ඇතුළු චෝදනා තුනකට වරදකරු කරමින් මහාධිකරණ විනිසුරුවරයා එම තීන්දුව ලබා දුන්නේ ය.

අපරාධය සිදු කරන අවස්ථාවේ විත්තිකරුවන් දෙදෙනකු වයස අවුරුදු 17 සහ 15 හැවිරිදි වියේ පසුවීම හේතුවෙන් ඔවුන් දෙදෙනාට පමණක් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දීමට විනිසුරුවරයා නියම කළේ ය.