පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය අදත්..

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය තුන්වැනි දිනටත්..

by Staff writer 28-04-2025 | 6:16 AM

COLOMBO (News 1st)-පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීමට අදත් අවස්ථාව හිමිවෙයි.

ඒ අනුව පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා තැපැල් ඡන්දය සලකුණු කළ හැකියි.

අද, තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන පුද්ගලයින්ට හෙටත් ඒ සඳහා අවස්ථාව පවතින බව, මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ ය.

මේ අතර, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම හෙටින් අවසන් වෙයි.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන්නේ, මැයි 6 වැනිදායි.