.webp)
මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සඳහන් කළේ, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ සාමාජිකයින් ඒ සඳහා එක්ව සිටින බවයි.
ඊට අමතරව ස්වේච්ඡා කණ්ඩායම් රැසක් ද, ඊට එක්ව ඇතැයි ඔහු සඳහන් කළේ ය.
දින 10 ක් පුරා පැවති සිරි දළදා වන්දනාව ඊයේ (27) අවසන් විය.
ඒ සමගම මහනුවර පිරිසිදු කිරීම් ආරම්භ වුණේ, ඊයේ පස්වරුවේ සිටයි.
මේ අතර, සිරි දළදා වන්දනාව සඳහා පැමිණි සැදැහැවතුන්ට අයත්, මෙතෙක් භාර නොගත් ගමන්මලු නැවත ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා පැවසුවේ, එම ගමන් මලු අද (28) සහ හෙට (29) මහනුවර වැව රවුමේ ජෝයි බෝට්ටු සේවාව ක්‍රියාත්මක ස්ථානයේදී අනන්‍යතාව තහවුරු කර ලබාගත හැකි බවයි.
එම වැඩපිළිවෙළ සිදු කෙරෙන්නේ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණයෙනි.
මේ අතර සිරි දළදා වන්දනාව වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් 37 ක් හෙට විවෘත වේ.