.webp)
COLOMBO ( News 1st ) -
අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(26) මෙරට වේලාවෙන් දහවල් 1.30ට සිදු කිරිමට නියමිතයි.
ඒ වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රයේදීයි.
අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය තැන්පත් කර ඇති පෙට්ටියට ඊයේ(25) රාත්‍රියේ මුද්‍රා තැබුවේ ය.
ඒ ශාන්ත පීතර බැසිලිකාවේ දීයි.
දින තුනක් තුළ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.