.webp)
COLOMBO (News 1st)-සිරි දළඳා වන්දනාව හේතුවෙන් වසා දැමුණු මහනුවර පාසල්, අදියර 2ක් යටතේ විවෘත කිරීමට තීරණය කර තිබේ.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා සඳහන් කළේ, පාසල් 24 ක්, ලබන සඳුදා විවෘත කරන බවයි.
එම පාසල් වසා දැමුණේ, මහනුවර නගරයේ ඇති විය හැකි රථවාහන තදබදය අවම කිරීම වෙනුවෙන් ය.
දළඳා වන්දාව වෙනුවෙන් රාජකාරීවල නිරත ආරක්ෂක අංශ සාමාජිකයින්ට නවාතැන් දීම ඇතුළු පහසුකම් සැලසීම වෙනුවෙන් තවත් පාසල් 37 ක් වසා දැමුණි.
පිරිසිදු කිරීමෙන් අනතුරුව, එම පාසල් ලබන අඟහරුවාදා විවෘත කරන බව, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ ය.