.webp)
COLOMBO (News 1st)-ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත් වලටත්, හම්බන්තොට, අම්පාර, මඩකලපුව සහ වව්නියාවටත්, ප්‍රබල අකුණු සමග තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ඇති විය හැකියි.
ක්‍රීඩාංගණ, කුඹුරු ඇතුළු එළිමහන් ස්ථානවල රැඳී සිටීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස හෝ රාත්‍රියේ වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.
අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම, ඊට හේතුවයි.
ඒ හේතුවෙන් මධ්‍යම, ඌව, නැගෙනහිර, වයඹ සහ උතුරු මැද පළාත් වලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.