.webp)
COLOMBO (News 1st)-ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් සිරි දළදා වන්දනාව අද පස්වන දිනටත් පැවැත්වෙයි.
ශ්‍රී දළදා මාළිගාවේදී දළදා සමිඳුන් උදෙසා විශේෂ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව පෙරවරු 11 ආරම්භ වන සිරි දළදා වන්දනාව පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි.
අප්‍රේල් 27 දක්වා සෑම දිනකම මධ්‍යාහ්න 11 සිට පස්වරු 5:30 දක්වා කාලයේ සිරි දළදා වන්දනාවට අවස්ථාව සැළසෙයි.
මහනායක හිමිවරුන් සැදැහැවතුන්ට දැනුම් දෙන්නේ, සුදු වතින් සැරසී, සැදැහැ සිතින් දළදා සමිඳුන් වැදපුදා ගැනීමට පැමිණෙන ලෙසයි.
සිරි දළදා වන්දනාව සංවිධානය කෙරුණේ, ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මග පෙන්වීමෙන් ය.
සිරි දළදා වන්දනාව සඳහා මේ වන විටත් දිවයිනේ නන් දෙසින් ජනතාව මහනුවරට පැමිණෙමින් සිටී.
සැදැහැසිතින් පේවී මහනුවරට පැමිණ අව් වැසි නොතකමින් දළදා සමිදුන් වැද පුදා ගැනීමේ ඒකායන අරමුණින් සිටින මුළු මහත් බෞද්ධ ජනතාව වෙනුවෙන් දන් පැන් පිදීමට ආගමික බෙදීමකින් තොරව ජනතාව රැස්ව සිටී.
ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් ද බැතිමතුන්ට විවිධ අයුරින් ජලය හා ආහාර පාන ලබාදීමට ඊයේ දිනයෙත් කටයුතු කළේ ය.
මේ අතර සිරි දළදා වන්දනාවට පැමිණෙ බැතිමතුන් වෙනුවෙන් ප්‍රධාන මාර්ග 3ක් වෙන් කොට තිබේ.
පළමු ප්‍රවේශ මාර්ගය වන්නේ ඩී.එස්.සේනානායක වීදිය දෙස සිට දළඳා මාලිගයේ මහමළුව තෙක් ස්ථාපනය කර ඇති මාර්ගයයි.
දෙවැනි ප්‍රවේශ මාර්ගය ස්ථාපනය කර ඇත්තේ, රතු බෝක්කුව දෙස සිට වැව රවුමේ සංඝරාජ මාවත හරහා ශ්‍රී දළඳා මාලිගාවේ ප්‍රධාන පිවිසුම දක්වායි.
තුන් වැනි ප්‍රවේශ මාර්ගය, රතුබෝක්කුව දෙස සිට වැව රවුමේ මාලිගාව පෙදෙසින් ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපනය කර තිබේ.