විදුලි බලයෙන් දුවන වාහන ගැන අලුත් තීරණයක්...

විදුලි බලයෙන් ධාවනය වන ත්‍රීරෝද රථ ලියාපදිංචි කිරීමට නව ප්‍රතිපාදන...

by Staff writer 22-04-2025 | 7:32 PM

COLOMBO (News1st) - විදුලි බලයෙන් ධාවනය වන ත්‍රීරෝද රථ, ලියාපදිංචිය සඳහා නව ප්‍රතිපාදන සැපයීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව මීට පෙර ඩීසල් සහ පෙට්‍රල්වලින් ධාවනය වන ත්‍රීරෝද රථ විදුලිබලයෙන් ධාවනය වන ත්‍රීරෝද රථ බවට පත් කිරීමේදී, කිලෝග්රෑම් 600ක්ව පැවති තාර බර 
සීමාව වෙනස් කිරීමට කැබිනටි අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව වැඩි දුරක් ධාවන කළ හැකිවීම, වායු සමීකරණ සහිතව ධාවනය කළ හැකිවීම වැනි කරුණු පදනම් කරගනිමින් එකී බර සීමාව  කිලෝග්රෑම් 650ක් දක්වා ඉහළ දමමින්, නව සංශෝධන සිදුකරන බව කැබිනට් මණ්ඩාලය දැනුම් දෙයි.