යල කන්නයේ පොහොර සහනාධාර අද සිට ගොවීන්ට..

යල කන්නයේ පොහොර සහනාධාර අද සිට ගොවීන්ට..

by Staff writer 22-04-2025 | 7:23 AM

COLOMBO (News 1st)-

යල කන්නයේ පොහොර සහනාධාර අද සහ හෙට මුදා හරින බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ, දිස්ත්‍රික්ක 09 ක් සඳහා එම මුදල් මුදා හරින බවයි.

කුඹුරු අක්කර 1ක් සඳහා රුපියල් 25,000 බැගින් අක්කර 2කට යටත්ව පොහොර සහනාධාරය ලබාදෙනු ලබයි.

අද හා හෙට මුදාහරින මුදල් රුපියල් මිලියන 157 කි.