දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි..

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි..

by Staff writer 22-04-2025 | 6:54 AM

 COLOMBO (News 1st)-දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර , සබරගමුව , මධ්‍යම , ඌව , නැගෙනහිර , උතුරු සහ උතුරුමැද පළාත් වල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ද ඇති විය හැකියි.

බස්නාහිර සහ ගාල්ල , මාතර , පුත්තලම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට ද උදෑසන කාලයේදි වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි ය.

තද සුළං හා අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.