දළදා වන්දනාවට එන අයට තොරතුරු ගන්න වෙබ් අඩවියක්..

දළදා වන්දනාවට එන බැතිමතුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය තොරතුරු ලබා ගැනීමට විශේෂ වෙබ් අඩවියක්..

by Staff writer 22-04-2025 | 12:22 PM

COLOMBO (News 1st)-

සිරි දළදා වන්දනාවට පැමිණෙන දහස් ගණනක් බැතිමතුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය තොරතුරු එකම පියසකින් Online ක්‍රමයට ලබා ගැනීම සඳහා වන විශේෂ වෙබ් අඩවිය දැන් සිට ක්‍රියාත්මක වෙයි.

යාවත්කාලීන වන නිවේදන, සිටින ස්ථානයේ සිට සනීපාරක්ෂක පහසුකම් තිබෙන ස්ථාන වලට ගමන් මාර්ග හඳුනා ගැනීම, දන්සැල්, අතරමං වූවන් සොයා ගැනීම, ප්‍රථමාධාර සේවා ඇති ස්ථාන සොයාගැනීම ආදී විශේෂාංග රැසකින් මෙය සමන්විත වෙයි.

ප්‍රධාන පෝලිම් 3හිම මෙයට පිවිසීම හැකි QR කේත ඇතුළත් පුවරු ස්ථාපිත කර තිබේ.

නැතිනම් https://info.sridaladamaligawa.lk/ වෙතින් මෙයට පිවිසිය හැකියි.