.webp)
ඒ, දූෂණ විරෝධී පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.
පසුගිය 17 වැනිදා අල්ලස් කොමිසම හමුවේ හිටපු ජනාධිපතිවරයාට පෙනී සිටින ලෙස දැනුම්දීමක් කළද එම දිනයේ රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ නොමැති බව දන්වමින් කොමිසම හමුවට පැමිණියේ නැහැ.
එදින නොපැමිණිමට ඉදිරිපත් කර ඇති හේතුව සාධාරණ දැයි පරීක්ෂණයට යටත්ව නව දිනය ලබා දුන් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ප්‍රකාශ කළේය.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා අද ප්‍රකාශ කළේ සිය නීතිඥවරයා විදේශගතව සිටින බැවින් ඔහු ආපසු පැමිණීමෙන් පසුව දිනයක් ලබා ගන්නා බවයි.