මහනුවර ආශ්‍රිත පාසල් රැසකට අද සිට 25 දක්වා නිවාඩු

සිරි දළදා වන්දනාව හේතුවෙන් මහනුවර නගර සීමාව ආශ්‍රිත පාසල් රැසකට අද සිට 25 දක්වා නිවාඩු..

by Staff writer 21-04-2025 | 8:51 AM

COLOMBO (News 1st)-සිරි දළදා වන්දනාව හේතුවෙන් මහනුවර නගර සීමාව ආශ්‍රිත පාසල් රැසකට අද සිට 25 දක්වා නිවාඩු දී  තිබේ.

මධ්‍යම පළාත් අධ්‍යාපන කාර්යාලය පැවසුවේ, දළදා වන්දනාව සඳහා දැනට වෙන්කර තිබෙන දින ගණන යම් හෙයකින් දීර්ඝ කළහොත් එම පාසල් තවදුරටත් වසා තැබෙන බවයි.

මහනුවර ආරක්ෂාවට යොදවා ඇති පොලීසියේ හා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නවාතැන් දීම සඳහා එම පාසල් වෙන්කර තිබේ.

ඊට අමතරව දළදා වන්දනාවේ පැමිණෙන ආබාධිත හා වැඩිහිටි පුද්ගලයින්ට අවශ්‍යතාව මත නවාතැන් ලබා දීම සඳහා ද එම පාසල් යොදාගනු ඇති.